(විමුක්ති එස්.රුද්‍රිගු)
රාගම ග්‍රාම නිලධාරීවරයාට කොරෝනා ආසාදිතය පවුලක තරුණයකු බැන මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයක් රාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
කොරෝනා ආසාදිත පවුල්වලට ලබා දෙන සහන මලු බෙදීමේදී මෙම සිද්ධියට මුහුණ පෑ බව ග්‍රාම නිලධාරීවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කොරෝනා ආසාදිත පවුවලට රජයෙන් ලබා දෙන සහන මලු බෙදීමේ දි ග්‍රාම නිලධාරීවරයා මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඒ වන විටත් එම පිය පුතු දෙදෙනා කොරෝනා රෝගීන් විසින් අනුගමනය කළ යුතු නිරෝධායන නීති කඩා දමමින් තම කාර්යාලය අසල පැමිණි සිටි බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අප කළ විමසීමකදි රාගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදාල ග්‍රාම සේවා නිලධාරීවරයාගෙන් අප කළ විමසීමකදි ඔහු කියා සිටියේ එවැනි සිද්ධියක් වූ බවත් මාධ්‍යයට තොරතුරු ලබා දිය නොහැකි බවත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ජාඇළ ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතාගෙන් කළ විමසීමකදි කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් ඉදිරියේ දි නීතිමගින් ක්‍රියාකරන බවත්ය